මීළඟ කතානායක ධූරයට පත්වන්නේ කවුද?..
දස වැනි පාර්ලිමේන්තුව ආරම්භ වී මාසයක් ගතවන්නටත් ප්‍රථම අද (දෙසැම්බර් 17 වැනි දා) යළි කතානායකවරයෙකු තෝර පත් ගැනීමට සිදුව තිබේ.
කතානායක ලෙස පත් කරගනු ලැබු අශෝක රන්වල මන්ත්‍රීවරයාගේ අධ්‍යාපන සුදුසුකම් මුල් කරගනිමින්, සමාජයේ ඒ පිළිබඳව නිර්මාණය වු අන්දෝලනාත්මක තත්ත්වය හේතුවෙන් (දෙසැම්බර් 13 වැනි දා) ඔහු ධූරයෙන් ඉල්ලා අස්විය.
අශෝක රන්වල ධූරය දරූ කාලසීමාව දින 22කි.
ඒ අනුව අද (දෙසැම්බර් 17 වැනි දා) රැස්වන පාර්ලිමේන්තුව නව කතානායකවරයෙකු තෝර පත් කර ගැනීමට නියමිතව ඇත.

Comments
Post a Comment