සා. පෙළ සිට ආචාර්ය උපාධිය දක්වා ඇති එක ම ගමන්මග - ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශකය..
මහාචාර්ය තනතුරු, අචාර්ය උපාධි සහ අධ්‍යාපන මට්ටම් පිළිබඳව ශ්‍රී ලංකාව තුළ මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.
ආචාර්ය උපාධියක් ඇතැයි කී කතානායකවරයාගේ එම උපාධි ප්‍රශ්නය කෙළවර වූයේ, ඔහුට ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවීමෙනි.
මේ අතර, මහාචාර්ය නාමය භාවිත කළ ඇතැමුන් ඒවා වෙබ් අඩවිවලින් ඉවත් කර ගෙන ඇති බවට ද, ඩිප්ලෝමාධාරීන් ඉන්ජිනේරුවරුන් ලෙස හඳුන්වාගෙන ඇති බවට ද විවිධ චෝදනා මෙන් ම උපහාසයන් ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.
ඇතැමුන් ආචාර්ය, මහාචාර්ය නාමයන් කෙලෙස භාවිත කළ ද, ශ්‍රී ලංකාවේ එවැනි නාමයන් භාවිත කිරීමේ නිශ්චිත ක්‍රමවේදයක් පවතී.

Comments
Post a Comment