අත්අඩංගුවට පත් ගෝල් මාවල්ස් හිමිකරුගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්..


 නීතිඥවරයා පැවසුවේය.


මේ ආකාරයෙන් කටයුතු කළහොත් තවත් ඇමෙරිකානු ඩොලර් 30,000ක මුදලක් ලබා දෙන බවට ද එම ක්‍රීඩකයාට මෙම සැකකරු විසින් පොරොන්දු වී තිබෙන බව ද ඔහු පෙන්වා දී තිබේ.


මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පුළුල් විමර්ශන කිරීමෙන් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවත් ඔහුට එරෙහිව වෝහාරික මෙන්ම අනෙකුත් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී තිබෙන බවත් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසුවේය.


LPL තරගාවලිය : 'දඹුල්ල තන්ඩර්ස්' කණ්ඩායමේ හිමිකාරිත්වය අහෝසි කරයි

ඒ අනුව මෙම සැකකරු ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇති බවත් ඒ අනුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.


සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස, අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකරු ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේ ය.


තමා සිදුකළ වරද සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ මෙම සැකකරු විසින් ප්‍රකාශයක් ලබාදීමට සූදානම් නම් ඇප ඉල්ලීම සම්බන්ධයෙන් කඩිනමින් සලකා බැලිය හැකි බවත් එහිදී රජයේ නීතිඥවරයා පැවසුවේය.

Comments

Popular posts from this blog

සා. පෙළ සිට ආචාර්ය උපාධිය දක්වා ඇති එක ම ගමන්මග - ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශකය..

පාපන්දු ලෝක කුසලානය සෞදියේ පැවැත්වීමට ගත් තීරණය පිටුපස සැඟවී ඇති කරුණු..